පනත් කෙටුම්පතකට කථානායකගේ සහතිකය
පනත් කෙටුම්පතකට කථානායකගේ සහතිකය
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ඉකුත් අඟහරුවාදා දින (20) සිය සහතිකය සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා.
මෙම පනත් කෙටුම්පත 2025.12.05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර පසුගිය ජනවාරි 07 වන දින විවාදයට ගෙන පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබේ.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත, 2021 අංක 11 දරන මුල් පනත සංශෝධනය කිරීමේ අරමුණින් ගෙනෙන ලද අතර, එහිදී අක්වෙරළ බැංකු කටයුතු සහ බදු අනුකූලතාවය සම්බන්ධයෙන් නියාමන අධීක්ෂණය වැඩිදියුණු කිරීමටත්, උපාය මාර්ගික වැදගත්කමේ ව්‍යාපාර (BSI) සඳහා වන නිර්ණායක තවදුරටත් සංශෝධනය කර පැහැදිලි කිරීම අරමුණු කර තිබුණා.
මෙම සංශෝධන පනත මගින් කලාපය තුළ මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා වඩාත් දැඩි අධීක්ෂණයක් හඳුන්වා දෙන අතර, විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අක්වෙරළ බැංකු කටයුතු නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට බලය ලබාදීම සිදු වේ.
තවද, මෙම පනත මගින් වරාය නගරයේ ආර්ථික රාමුව ගෝලීය බැංකු අවශ්‍යතා සහ ජාතික මූල්‍ය ස්ථායිත්ව ඉලක්ක සමඟ සමපාත කරනු ලබයි.
ඒ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 01 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.




