වාහන මිල පහළට; නවතම මිල ගණන්

0
වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත 50%ක අධිභාරයක්

වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත 50%ක අධිභාරයක්

මෙරටට වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලිය යළි ආරම්භ වීමත් සමඟ, මෙරට භාවිතා කරන ලද (Used Vehicles) මෝටර් රථවල මිල ගණන් කැපී පෙනෙන ලෙස පහළ යමින් පවතින බව වාහන වෙළඳපොළ වාර්තා පෙන්වා දෙයි.

වාහන අලෙවිකරුවන් පවසන පරිදි මෙම මිල පහත වැටීම කෙරෙහි ප්‍රධාන සාධක කිහිපයක් බලපා තිබේ:

වසර කිහිපයකට පසු නැවතත් නවීන පන්නයේ වාහන මෙරටට ගෙන්වීම ආරම්භ වීම.
අලුතින් ආනයනය කරනු ලබන වාහන සඳහා පවතින මිල ගණන් පාරිභෝගිකයාට වඩාත් හිතකර මට්ටමක පැවතීම
පාවිච්චි කළ පැරණි වාහන වෙනුවට සාධාරණ මිලකට නව වාහනයක් මිලදී ගැනීමට පාරිභෝගිකයින් වැඩි උනන්දුවක් දැක්වීම.
පහතින් දැක්වෙන්නේ පසුගිය වසරේ වාහන ආනයනයට පෙර පැවැති වාහන මිල සහ (20) දින වන විට වෙළෙදපොළේ පවතින වාහන මිල ගණන් වේ.

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හැට ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස් ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 90යි

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 70යි

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 75යි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 63යි

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 96 යි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 85යි

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 83 යි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 62 යි

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 95යි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 83යි

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – එක්කෝටි හතලිස් ලක්ෂයයි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 95යි

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 62යි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 50යි

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 39යි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 32යි

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 52යි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45යි

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 30යි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25යි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com