2026 පළමු දින 15 තුළ සංචාරකයින් 131,898 දෙනෙකු දිවයිනට

0
ගත වූ දින 15 තුළ සංචාරකයින් 131,898 දෙනෙකු දිවයිනට

ගත වූ දින 15 තුළ සංචාරකයින් 131,898 දෙනෙකු දිවයිනට

2026 වසර ආරම්භ වූ පළමු දින 15තුළ සංචාරකයින් 131,898 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ජනවාරි මස 15වන දින වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය ලෙස වාර්තා වී තිබෙනවා.

එදින මෙරටට පැමිණි සංචාරකයින් ගණන 10,483ක්.

මෙම දින 15තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්.

එම සංඛ්‍යාව 23,786ක්.

මිට අමතරව රුසියාවෙන් 14,785 දෙනකු, එක්සත් රාජධානියෙන් 12,166, දෙනෙකු සහා ජර්මනියෙන් 9,260 දෙනෙකු මෙරටට පැමිණි තිබෙන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com