තායිලන්ත රජයෙන් රු.මි 10.2ක ආධාරයක්
තායිලන්ත රජයෙන් රු.මි 10.2ක ආධාරයක්
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැංවීමේ කටයුතු සඳහා තායිලන්ත රජය රුපියල් මිලියන 10.2ක මුදල් ආධාරයක් ලබාදී තිබෙනවා.
මෙම ආධාර මුදල තායිලන්ත තානාපතිවරයා විසින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට ඉකුත් සිකුරාදා දින (16) සවස පැවැති හමුවකදී භාරදී තිබේ.
මෙම සහාය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.




