අනුර දුන් පොරොන්දුවල ප්‍රගතියක් නැහැ- වෙරිටේ රිසර්ච් ආයතනය

0
අනුර දුන් පොරොන්දුවල ප්‍රගතියක් නැහැ- වෙරිටේ රිසර්ච් ආයතනය

අනුර දුන් පොරොන්දුවල ප්‍රගතියක් නැහැ- වෙරිටේ රිසර්ච් ආයතනය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30න් පොරොන්දු 10ක් පසුගිය නොවැම්බර් මාසය වනවිට ඉටුකර ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය නිවේදනය කරනවා.

වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ ඉන් තවත් පොරොන්දු 10ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මෙම පොරොන්දු 10න් 9ක මේ වනවිට කිසිඳු ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බවත් එක් පොරොන්දුවක් ඉටු කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දු ඉටුකරනවාද, නැද්ද යන්න සොයා බැලීම සඳහා හඳුන්වා දුන් “අනුර මීටරය” නම් ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රගති නිරීක්ෂණයේ නවතම යාවත්කාලීන කිරීම නිකුත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය මෙම අදහස් පළ කර සිටිනවා.

මෙම ඇගයීම මගින් 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රධාන පොරොන්දු 30ක් නිරීක්ෂණය කෙරෙන අතර, 2026 අයවැය දක්වා තොරතුරු ඇතුළත් බව නිවේදනයේ සඳහන් වනවා.

කෙසේ නමුත් මෙම විශ්ලේෂණය සම්පූර්ණ කරනු ලැබුවේ “දිට්වා” සුළි කුණාටුව මෙරටට කඩා වැදීමට පෙර බවද වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

අනුර මීටරය මගින් නිරීක්ෂණය කරනු ලබන පොරොන්දු තෝරාගෙන ඇත්තේ ඒවායේ පවතින ඉහළ මහජන උනන්දුව සහ ජාතික වැදගත්කම සැළකිල්ලට ගනිමින් බව සඳහන් කරන වෙරිටේ රිසර්ච් ආයතනය ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ විරෝධය, නීතිය හා සාමය මෙන්ම සමාජ ආරක්ෂණය යන ප්‍රධාන ප්‍රතිපත්තිමය ක්ෂේත්‍ර මෙම පොරොන්දු හරහා ආවරණය වන බව සඳහන් කරනවා.

මෙහි නිරීක්ෂණය කරනු ලබන පොරොන්දු 30න් 7ක්ම ඇතුළත් කරනු ලැබුවේ මහජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර සැළකිල්ලට ගනිමින් බවද එම ආයතනය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com