92 පෙට්‍රල් සඟවා වැඩි මිලට ඉන්ධන විකුණූ පිරවුම්හලට වැඩ වරදී

0
92 පෙට්‍රල් හංගා වැඩි මිල ඉන්ධන විකුණූ පිරවුම්හලට වැඩ වරදී

92 පෙට්‍රල් හංගා වැඩි මිල ඉන්ධන විකුණූ පිරවුම්හලට වැඩ වරදී

රාත්‍රී කාලයේදී වාහන හිමියන් අසීරුතාවට පත් කරමින්, 92 පෙට්‍රල් නොමැති බව පවසමින් මි‍ෙලන් වැඩි යුරෝ 3 (Euro 3) පෙට්‍රල් වැඩි මුදලට අලෙවි කරන ඉන්ධන පිරවුම්හල් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

ඒ අනුව කළුතර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් ඉකුත් බදාදා දින(14) රාත්‍රියේ බේරුවල ප්‍රදේශයේ ප්‍රධානපෙළේ ඉන්ධන පිරවුම්හලක් හදිසි වැටලීමකට ලක් කර තිබේ.

පාරිභෝගිකයන්ට ලබා නොදී සඟවා තබාගෙන තිබූ 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් 6400කට ආසන්න තොගයක් එම වැටලීමේදී නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය. රාත්‍රී කාලයේදී 92 පෙට්‍රල් නොමැති බව පවසා, යුරෝ 3 පෙට්‍රල් අලෙවි කරන ලෙස අදාළ සමාගමේ නිලධාරීන් විසින්ම උපදෙස් ලබා දී ඇති බවට පිරවුම්හල් පාර්ශ්වය විසින් මෙහිදී කරුණු අනාවරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, මේ වන විට අදාළ ඉන්ධන තොගය නිලධාරීන් භාරයට ගෙන මුද්‍රා තබා ඇත.

සැකකරුවන්ට එරෙහිව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com