රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අතිකාරම් මුදල ඉහළ දමමින් චක්‍රලේඛයක්

0
බදාදා නිවාඩුව අවලංගු වේ

බදාදා නිවාඩුව අවලංගු වේ

රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අතිකාරම් මුදල ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

ඊයේ (13) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම අතිකාරම් මුදල රුපියල් 15,000/- දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

රජයේ නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ගෙවීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිලධාරියෙකුට තෛපොංගල්, රාමසාන්, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, දීපාවලි සහ නත්තල් වැනි උත්සව අවස්ථා සඳහා සහ වන්දනා ගමන් සඳහා (ශ්‍රී පාද වන්දනාව සහ හජ් වන්දනාව වැනි) අත්තිකාරම් වශයෙන් රුපියල් 10,000/-ක් ලබා ගැනීමට මේ වනවිට හැකියාව පවති.

එම අත්තිකාරම් මුදල පොලී රහිතව මාසික කොටස් 08කින් හෝ අවශ්‍ය වුවහොත් ඊට කලින් හෝ අයකර ගැනීම සඳහා විධිවිධාන සලසා තිබේ.

එම උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/-ක් දක්වා වැඩි කිරීමට 2026 අයවැය මඟින් යෝජනා කර තිබුණු අතර ඒ සඳහා වූ චක්‍රලේඛය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com