බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් හා තවත් පුද්ගලයින් 5 දෙනෙක් රිමාන්ඩ්
බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් සහ තවත් පුද්ගලයින් 5 දෙනෙක් රිමාන්ඩ්
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා සිව් නමක් සහ තවත් පුද්ගලයින් පස් දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා.
පසුගිය වසරේ නොවැම්බර් මස 16 වනදා ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට බලධාරීන් උත්සාහ කළ අවස්ථාවේදී ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා.
අදාළ ඉදිකිරීම් අනවසර ඒවා බව පවසමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම ඉවත් කිරීම සිදු කිරීමට උත්සාහ කළ අතර, එහිදී ස්වාමීන් වහන්සේලාගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට දැඩි විරෝධයක් එල්ල විය්ශ්
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමිවරුන් සහ අනෙක් පිරිස ලබන ජනවාරි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කලේය




