ට්‍රම්ප් වෙනි­සි­යු­ලා­වෙන් බොර­තෙල් බැරල් මිලි­යන 50ක් ඉල්ලයි

0
ට්‍රම්ප් වෙනි­සි­යු­ලා­වෙන් බොර­තෙල් බැරල් මිලි­යන 50ක් ඉල්ලයි

ට්‍රම්ප් වෙනි­සි­යු­ලා­වෙන් බොර­තෙල් බැරල් මිලි­යන 50ක් ඉල්ලයි

ඉදිරි මාස 18ක කාල­සී­මා­ව­කදී වෙනි­සි­යු­ලාවේ තෙල් වෙළෙ­ඳාම අමෙ­රි­කාව සතුව පව­තිනු ඇතැයි ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම කාලය ඇතු­ළත වෙනි­සි­යු­ලාවේ තෙල් වෙළෙ­ඳාම සඳහා විශාල ආයෝ­ජ­න­යක් සිදු කිරීම ට්‍රම්ප්ගේ අපේ­ක්ෂාව වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. වෙනි­සි­යු­ලාවේ අන්ත­ර්වාර රජය සම්බා­ධ­ක­ව­ලට ලක්වූ උසස් තත්වයේ බොර­තෙල් බැරල් මිලි­යන 30ක්, 50ක් අතර ප්‍රමා­ණ­යක් අමෙ­රි­කා­වට ලබා­දෙනු ඇති බවත්, එම බොර­තෙල් වෙළෙ­ඳ­පොළේ පව­තින මිලට අලෙවි කර එහි ආදා­යම වෙනි­සි­යු­ලාවේ සහ අමෙ­රි­කාවේ ජන­තා­වගේ යහ­පත සඳහා යොද­වන බවත් ඔහු ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සඳ­හන් කර තිබේ. එම කට­යුතු සිය පාල­නය යටතේ සිදු­ක­රන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

චිනය, රුසි­යාව, ඉරා­නය සහ කියු­බාව සමඟ පව­තින ආර්ථික සම්බ­න්ධතා නව­ත්වන ලෙසටද අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා වෙනි­සි­යු­ලාවේ අන්ත­ර්වාර රජ­යට දැනුම් දී ඇති අතර, එම රට­ව­ලට බොර­තෙල් අලෙවි කිරී­මෙන් වළ­කින ලෙසට අන­තුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

වෙනි­සි­යු­ලාව සමඟ දිගු­කා­ලීන සම්බ­න්ධතා පව­තින චීනය එරට විශා­ල­තම බොර­තෙල් ගැනු­ම්කරු ද වන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් මෙතෙක් ප්‍රති­චාර දක්වා නැතැයි ද වාර්තා වේ. අමෙ­රි­කාව විසින් පන­වනු ලැබූ සම්බා­ධක හේතු­වෙන් වෙනි­සි­යු­ලාවේ බොර­තෙල් වෙළෙ­ඳාම මේ වන විට දැඩි අර්බු­ද­ය­කට ලක්වී ඇති අතර, තව­දු­ර­ටත් බොර­තෙල් නිෂ්පා­ද­නය කිරීම දුෂ්කර වී ඇති බැවින් පසු­ගිය දෙසැ­ම්බ­රයේ සිට බොර­තෙල් ළිං වසා දැමීම ආරම්භ කර තිබූ බව ද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com