ජාතික යොවුන් සේනාංකයට නව සභාපතිවරයෙක්

0
ජාතික යොවුන් සේනාංකයට නව සභාපතිවරයෙක්

ජාතික යොවුන් සේනාංකයට නව සභාපතිවරයෙක්

ජාතික යොවුන් සේනාංකයේ නව සභාපතිවරයා ලෙස නලින් රදම්පල මහතා පත් කළේය. ඒ අනුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් නලින් දම්පල මහතාට අද (06) පත් වීම් ලිපිය ලබා දෙන ලදි.

පත්වීම් ලිපිය භාරගැනීමෙන් පසු නලින් රදම්පල මහතා නව සභාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කළේය. රාජකාරී භාරගැනීමෙන් පසු ජාතික යොවුන් සේනාංකයේ සේවක පිරිස සහ නිලධාරීන් හමු වූ නව සභාපති නලින් රදම්පල මහතා පැවසුවේ, අනාගතයට සුදුසු තරුණයා ගොඩනැගීමේ වගකීම ඉටු කිරීම වෙනුවෙන් කැපවෙන බවයි.

නලින් රදම්පල මහතා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ලෙස අධ්‍යාපන පරිපාලන සේවයේ අත්දැකීම් ඇති අයෙකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed