හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතා රිමාන්ඩ්

0
හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතාට රිමාන්ඩ්

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතාට රිමාන්ඩ්

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරේ.

ඔහු අද (31) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කළේය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සතොස යටතේ පැවති ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමේ කටයුතු සඳහා යොදවා ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ එම සිදුවීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් රජයට අහිමිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අදාළ විමර්ශනයට අදාළව නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙසය.

ඒ අනුව ජොහාන් ප්‍රනාන්දු මහතාව කුරුණෑගලදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ(30) අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මුදල් විශුද්ධීකරණය, පොදු දේපළ පනත, රජයේ දේපල අවභාවිතය හා සාපරාධි සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com