ජපානය අභිබවමින් ඉන්දිය ආර්ථිකය ලොව 4 වැනි තැනට
ජපානය අභිබවමින් ඉන්දිය ආර්ථිකය ලොව 4 වැනි තැනට
ජපානය අභිබවමින් ඉන්දියාව ලොව හතරවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙයි
ඉන්දීය රජයේ වසර අවසාන ආර්ථික සමාලෝචනයේ ගණනය කිරීම්වලට අනුව, ජපානය අභිබවා ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇත.
2030 වන විට ජර්මනිය අභිබවා ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත්වීමට අපේක්ෂා කරන බව සඳහන් වෙයි.
වර්තමානය වන විට ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 4.18 දක්වා ළඟා වී ඇති අතර 2030 වන විට එය ඩොලර් ට්‍රිලියන 7.3 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ඉන්දියාව පවසයි.
මේ අතර වර්තමාන ප්‍රවණතා අනුව ආර්ථික දියුණුව ගත්කළ ඉන්දියාව එක්සත් ජනපදය හා චීනයට පමණක් පසුපසින් සිටින බව වාර්තා වේ.
