වතු ආශ්‍රිතව පාසල්වල ගුරු නිවාස 14 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය
වතු ආශ්‍රිතව පාසල්වල ගුරු නිවාස 14 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය
වතු ආශ්‍රිත ගුරු නිවාස අත්‍යාවශ්‍යව පවතින තෝරාගත් පාසල් 14ක ගුරු නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අදාළ පළාත් සභා හරහා ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත්වල මෙම ගුරු නිවාස ඉදිකිරීම සඳහා අනුමැතිය හිමිවුණා.
එම පළාත්වල වතු ආශ්‍රිතව පාසල් 864ක් පිටුවා ඇති අතර එම පාසල්වලින් බහුතරයක් ප්‍රධාන නගරවලින් දුරස්ථව වතුකරයේ අභ්‍යන්තර ප්‍රදේශවලයි පිහිටා ඇත්තේ.
මේ හේතුවෙන් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට එම පාසල් සඳහා ප්‍රවේශවීමේ අපහසුතා මතුව ඇති අතර එම පාසල්වල ද්විතීයික පන්තිවල පවතින ගුරු හිඟය හේතුවෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි ජාතික විභාගවලදී එකී පාසල්වල සමස්ත කාර්යසාධනය අනෙකුත් රජයේ පාසල් හා සසඳන විට පහළ මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ගුරු හිඟය අවම කරමින් එම පාසල්වල මානව සම්පත් ඉහළ නැංවීමට හැකි වන පරිදි ඉහත පළාත්වල තෝරාගත් ගුරු නිවාස ඉදිකිරීම පිණිස අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා.




