රාමසාන් උපවාස සමයේ නොමිලයේ බෙදා හැරීම සඳහා ගෙන්වනු ලබන රටඉඳි සඳහා බදු සහන
රාමසාන් උපවාස සමයේ නොමිලයේ බෙදා හැරීම සඳහා ගෙන්වනු ලබන රටඉඳි සඳහා බදු සහන
රාමසාන් උපවාස සමයේදී ඉස්ලාම් බැතිමතුන් විසින් විශේෂයෙන් ආහාරයට ගනු ලබන රටඉඳි, ඔවුන්හට නොමිලයේ බෙදා හැරීම සඳහා වාර්ෂිකව රාජ්‍යතාන්ත්‍රිකව, සංවිධාන මට්ටමෙන් සහ පුද්ගල මට්ටමින් පරිත්‍යාග හෝ ත්‍යාග වශයෙන් ලබාදෙනු ලබන අතර, ඒවා විදේශ විනිමය වැය නොවන පදනමින් මෙරටට ආනයනය කළ යුතුව තිබේ.
මෙවර රාමසාන් උපවාස සමය 2026-02-19 වන දින ආරම්භ වී 2026-03-21 වන දිනෙන් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව, රාමසාන් උත්සව සමය තුළ පරිත්‍යාග සහ ත්‍යාග වශයෙන් මෙරටට ආනයනය කරනු ලබන රටඉඳි සඳහා බදු සහනයක් ලබා දීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.




