රන් මිලේ සැලකිය යුතු වෙනසක්

රන් මිලේ සැලකිය යුතු වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිලද ඉහළ ගොස් තිබේ.

ඊයේ දින (27) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,553 දක්වා ඉහළ ‍ගොස් ඇත.

ඒ අනුව, මෙරට රත්‍රං මිල ඊයේ (27) දිනයේ දෙවන වරටත් ඉහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි නිකුත්කළ නවතම දත්ත අනුව ඊයේ (27) දිනය තුළ රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 12,000ක් බව සඳහන් විය.

ඒ අනුව ඊයේ (27) දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු.340,400ක් ලෙස දැක්වුණි.

මේ අතර පසුගිය සිකුරාදා (26) දිනයේ දී රු.356,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල ඊයේ(27) වනවිට රු.368,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com