2024 වසරේ ආර්ථිකයට වැඩිම දායකත්වය දුන් පළාත
2024 වසරේ ආර්ථිකයට වැඩිම දායකත්වය දුන් පළාත
ගිය වසරේ (2024) පළාත් දළ දේශීය නිෂ්පාදිත අගයන් අනුව ආර්ථිකයට සියයට 42.4ක වැඩිම දායකත්වය බස්නාහිර පළාතෙන් ලබාදී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි
මෙසේ ආර්ථිකයට වැඩිම දායකත්වය ලබාදුන් බවට බස්නාහිර පළාත නම් කළද 2023 වසරට සාපේක්ෂව ආර්ථිකයට කරන එම දායකත්වය අඩුවී ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.
මේ අනුව 2023 වසරේ දළ දේශීය නිෂ්පාදනයට බස්නාහිර පළාත දැක්වූ සියයට 44 ක් වූ දායකත්වය ගිය වසරේ (2024) දී සියයට 42.4ක් දක්වා අඩුවී තිබේ.
එසේම ගිය වසරේ (2024) දළ දේශීය නිෂ්පාදිතයට දෙවැනියට වැඩිම දායකත්වය සපයා ඇත්තේ වයඹ පළාතෙන් වන අතර එම පළාතේ දායකත්වය සියයට 11.5 ක්.
එසේම ගිය වසරේ (2024) දළ දේශීය නිෂ්පාදිතයට තෙවැනියට වැඩිම දායකත්වය සපයා ඇත්තේ මධ්‍යම පළාතෙන් වන අතර එම පළාතේ දායකත්වය සියයට 10.7 ක් වේ.
එසේම 2024 වසරේදී මධ්‍යම, නැගෙනහිර, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වලින් රටේ දළ දේශීය නිෂ්පාදනයට ලබාදී ඇති දායකත්වය පසුගිය 2023 වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.
එසේම 2023 වසරට සාපේක්ෂව 2024 වසරේදී උතුරු මැද සහ දකුණු පළාත්වලින් රටේ දළ දේශීය නිෂ්පාදිතයට ලබාදුන් දායකත්වය අඩුවී ඇති අතර, ආර්ථිකයට උතුරු පළාතේ දායකත්වය සියයට 4.4ක් ලෙස නොවෙනස්ව පවතින බවද මහ බැංකුව නිකුත් කළ එම නවතම වාර්තාවේ සඳහන් වන බව දිවයින පුවත්පත වාර්තා කරයි.




