හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

0
හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

හක්ගල ජාතික උද්භිද උද්‍යානය අද (25) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ.

ඒ පරිසර අමාත්‍යාංශයේ උපදෙස් සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කඩිනම් වැඩපිළිවෙල මත, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නිර්දේශ හා උපදෙස්වලට අනුකූලවය.

උද්‍යානයේ භූමියේ අනතුරුදායක ලක්ෂණ මතු වූ ස්ථාන අනතුරුදායක බව දක්වන පුවරු මගින් නරඹන්නන් හට පිවිසීම තාවකාලිකව වළක්වා ඇත.

ඒ අනුව පිවිසීමේ ගේට්ටුව අසල පොකුණු සහිත ප්‍රදේශය සහ වනෝද්‍යානය දෙසට පිවිසීමට ඇති මාර්ගය මෙසේ අනතුරුදායක බවට නම් කර තිබේ.

එමෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව උදෙසා උද්භිද උද්‍යාන කාර්ය මණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක්ද සංවිධානය කර ඇත.

රටේ පැවති දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්ත්වය මත වසා දමා තිබූ හක්ගල උද්භිත උද්‍යානය කඩිනමින් විවෘත කර ගැනීමට අදාළ පියවර ගැනීම සඳහා පසුගිය 12වනදා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා හක්ගල උද්භිත උද්‍යානයේ නිරීක්ෂණයකටද සහභාගී විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com