එයාර් අස්තානා කසකස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළට
එයාර් අස්තානා කසකස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළට
යුරෝපයට උදා වී ඇති ශීත ඍතුවත් සමග කසකස්තානයේ සිට සංචාරයින් රැගත් පළමු ගුවන් යානට ඊයේ (25) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
කසකස්තානයේ අල්මාආටා නුවර ජාත්‍යාන්තර ගුවන් තොටුපොළේ සිට කේ.සී.- 167 දරන එයාර් අස්තානා ගුවන් යානයෙන් සවස 04.10ට පමණ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 182ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.
මෙම ගුවන් යානා සඳුදා සහ බ්‍රහස්පතින්දා වශයෙන් සෑම සතියකම දින 02ක්, එළඹෙන 2026 වසරේ මාර්තු මස 31 දින තෙක් කසකස්තානයේ අල්මාආටා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.





