සම්පත් මනම්පේරිට යළි දින 90ක රැඳවුම් නියෝග

0
සම්පත් මනම්පේරිට යළි දින 90ක රැඳවුම් නියෝගයක්

සම්පත් මනම්පේරිට යළි දින 90ක රැඳවුම් නියෝගයක්

අයිස් මත්ද්‍රව්‍යය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගැනීමේ චෝදනාවට කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සම්පත් මනම්පේරි යන අය නැවතත් දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.

සැකකරුවන් අද (24) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය විසින් මෙම නියෝග ලබා දී තිබුණි.

එමෙන්ම බන්ධනාගාර ගතව සිටි පියල් මනම්පේරි යන සැකකරුවද එළැඹෙන ජනවාරි මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com