දකුණු මුහුදේ බහුදින යාත්‍රාවක රු. කෝටි 200ක අයිස් සහ හෙරොයින්
දකුණු මුහුදෙන් බහුදින යාත්‍රාවක රු. කෝටි 200ක අයිස් සහ හෙරොයින්
දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී රුපියල් කෝටි 200කට වඩා වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
මාධ්‍ය අමතමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඊට අමතරව හෙරොයින් කිලෝග්‍රෑම් 21කට වැඩි ප්‍රමාණයක්ද එහි තිබී සොයාගත් බවයි.
ශ්‍රී ලංකාවට දකුණින් ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් පස් දෙනෙකු සමඟ දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලදී.
දැනට සිදු කළ මූලික පරීක්ෂණවලින් හෙළි වන්නේ යාත්‍රාව මුලින් ධීවර කටයුතු සඳහා ගන්දර ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවයි.
සැකකරුවන් සමඟ යාත්‍රාවේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත.




