ඇමරිකාවේ බිලියන 11ක අවි අලෙවි කිරීම ගැන චීනයෙන් ප්‍රකාශයක්
ඇමරිකාවේ බිලියන 11ක අවි අලෙවි කිරීම ගැන චීනයෙන් ප්‍රකාශයක්
චීන තායිවාන ප්‍රදේශය උපයෝගී කරගනිමින් චීනය මර්දනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය දරන ප්රයත්නයන් කිසිසේත් සාර්ථක නොවන බව චීනය පවසනවා.
ඇමරිකානු ඩොලර් බිලියන 11ක වටිනාකමින් යුත් අවි තොගයක් තායිවානයට අලෙවි කිරීමට ඇමරිකාව ගෙන ඇති තීරණයට ප්‍රතිචාර දක්වමින් චීනය මේ බව සඳහන් කළා.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා පසුගිය බ්‍රහස්පතින්දා දින(18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.
ඇමරිකාවේ මෙම ක්‍රියාව ‘එකම චීනය’ යන මූලධර්මය සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව චීනය අවධාරණය කරනවා.
මෙම අවි අලෙවිය හරහා ඇමරිකාව තායිවාන බෙදුම්වාදී කණ්ඩායම් වෙත වැරදි සහගත සංඥාවක් නිකුත් කර ඇති බව චීනය සඳහන් කළා.
චීනයේ ස්වෛරීභාවයට හානිකර ලෙස තායිවාන ප්‍රදේශයට සිදු කරන මෙම අවි අලෙවිය චීන රජය දැඩි ලෙස හෙළා දකින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.
