ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් රටවල් 6කට

0
ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් රටවල් 6කට

ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් රටවල් 6කට

ට්‍රම්ප් ඇමරිකානු සංචාරක තහනම තවත් රටවල් 6කට පුළුල් කර තිබේ.

එමෙන්ම රටවල් 15කට අර්ධ සීමා පැනවීමට ද කටයුතු කර ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් සංචාරක සීමාවන් තවත් රටවල් 20ක් සහ පලස්තීන අධිකාරිය දක්වා පුළුල් කළ බව නිවේදනය කර තිබේ..

ඒ අනුව, මෙය වසරේ මුලදී ප්‍රකාශයට පත් කරන ලද පුළුල් සීමාවන් බලපාන රටවල් සංඛ්‍යාව දෙගුණ කිරීමක්.

නව තහනම මගින්, අමෙරිකාවට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් පහක් සහ පලස්තීන අධිකාරිය විසින් නිකුත් කරන ලද ලේඛන මත සංචාරය කරන්නන්ද ඇතුළත් කර ඇති අතර, තවත් රටවල් 15කට නව සීමාවන් පනවා තිබේ .

බුර්කිනා ෆාසෝ, මාලි, නයිජර්, දකුණු සුඩානය, සිරියාව සහ පලස්තීන අධිකාරිය විසින් නිකුත් කරන ලද සංචාරක ලේඛන සහිත පුද්ගලයින්ට මෙසේ සම්පූර්ණයෙන් අමෙරිකාව තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එසේම ඇන්ගෝලාව, ඇන්ටිගුවා සහ බාබුඩා, බෙනින්, අයිවරි කෝස්ට්, ඩොමිනිකා, ගැබොන්, ගැම්බියාව, මලාවි, මොරිටානියාව, නයිජීරියාව, සෙනෙගාලය, ටැන්සානියාව, ටොංගා, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවලට අර්ධ වශයෙන් සීමා පනවා තිබෙනවා.

මෙම පියවර මගින් අමෙරිකාවට සංචාරය කිරීමට හෝ සංක්‍රමණය වීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සීමා පැනවීම අඛණ්ඩව සිදු කෙරෙන අතර විචාරකයින් පෙන්වා දෙන්නේ එය පුළුල් පරාසයක රටවල ජනතාවගේ සංචාර අසාධාරණ ලෙස වළක්වන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com