ගංවතුරෙන් එක්වූ කැලිකසළ 50%ක් ඉවත් කෙරේ

0
ගංවතුරෙන් එක්වූ කැලිකසළ 50%ක් ඉවත් කරයි

ගංවතුරෙන් එක්වූ කැලිකසළ 50%ක් ඉවත් කරයි

ආපදා හේතුවෙන් ගොඩගැසුණු අපද්‍රව්‍ය ඉවත් කිරීමේ විශාල ප්‍රගතියක් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුරෙන් යට වූ ප්‍රදේශවල කැලිකසළවලින් 50%ක් මේ වනවිට ඉවත් කර ඇති බව එහි සභාපති මහචාර්ය තිලක් හේවාවසම් පැවසුවේය.

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ගංවතුරින් යටවූ මහනුවර, කුණ්ඩසාලේ, පූජාපිටිය ආදී ප්‍රදේශවල කැළිකසළද මේ වනවිට ඉවත් කර අවසන්ය.

මහාචාර්ය තිලක් හේවාවසම් පැවසුවේ, අන්තරයාකර අපද්‍රව්‍ය, ඉලොක්ට්‍රොනික අපද්‍රව්‍ය හා සායනික අපද්‍රව්‍ය ලෙස වර්ගකීරණය කිරිමේ අවශ්‍යතාව පළාත් පාලන ආයතනවලට දැනුම් දී ඇති බවය.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් කොළඹ ප්‍රදේශ රැසක ගොඩගැසුණු කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 30000කට අධික බවද මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කරන ලදි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com