ඌව පළාතේ පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්

0

දිට්වා සුළි කුණාටුවත් සමග දිවයිනට බලපෑ ආපදා තත්ත්වයන් හමුවේ ඌව පළාතේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ දිනයන් දෙකක් යටතේ ඌව පළාතේ පාසල් යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවය.

ඒ අනුව දැඩි ලෙස ආපදාවන්ට ලක් වූ පාසල් හැර අනෙකුත් පාසල් හෙට (16) දිනයේත් බලපෑම් එල්ලව ඇති පාසල් එළැඹෙන 29 වනදාත් ආරම්භ කිරීමට නියමිතව ඇත.

“ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 291න් බිබිල කළාපයේ දෙහිගලවත්ත පාසල හැර අනෙකුත් සියලු පාසල් 290වම හෙට (16) දින විවෘත කිරීමට සියලු කටයුතු යොදා තියෙනවා. ඒ එක්කම බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන කළාපයේ දික්යාය විද්‍යාලය, කළුකැල විද්‍යාලය සහ පින්නගොල්ල විද්‍යාලය හැර අනෙකුත් පාසල් 78 හෙට දින විවෘත කිරීමට සියලු කටයුතු යොදා තියෙනවා. පවතින ආපදා තත්ත්වයත් එක්ක බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු කළාප වල එනම් බදුල්ල කළාපය, බණ්ඩාරවෙල කළාපය, වැලිමඩ කලාපය, පස්සර කළාපය සහ කළාපයේ සියලු පාසල් හෙට දින ආරම්භ නොවන අතර 29 වනදින එම කළාප වල සියලු පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදා තියෙනවා”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com