හානි වු කුඹුරුවල තියෙන වැලි ඉවත් කිරිම ගැන දැනුම්දිමක්

0
හානි වු කුඹුරුවල තියෙන වැලි ඉවත් කිරිම ගැන දැනුම්දිමක්

හානි වු කුඹුරුවල තියෙන වැලි ඉවත් කිරිම ගැන දැනුම්දිමක්

දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස හානිවූ කුඹුරුවල ගොඩගැසී ඇති වැලි සහ වැලි මිශ්‍ර පස් ඉවත් කිරීම සඳහා වන අවසරය මහවැලි අධිකාරිය මේ වන විටත් ලබා දී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි

මේ සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම සැලකිල්ලට ගෙන මෙම ගැටලුව කඩිනමින් විසඳීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල, මඩකලපුව, මාතලේ, වව්නියාව, මුලතිව්, අනුරාධපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිහිටි හුරුළුවැව, රඹකැන් ඔය හා ආශ්‍රිත කුඹුරුවල තැන්පත් වී ඇති වැලි සහ වැලි මිශ්‍ර පස් මෙලෙස ඉවත් කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව වගා ඉඩම් හෝ ඉඩමේ හිමිකරුගේ ඉඩමේ හෝ ගොඩ ඉඩම වෙත හෝ අනුමැතිය ලත් වෙනත් භූමියකට සැහැල්ලු ප්‍රවාහන මාධ්‍යක් ඔස්සේ ප්‍රවාහනය කර අවශ්‍ය කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට හැකි අයුරින් නැවත එම ඉඩම් සකස් කර ගත හැකියාව පවතින බව සඳහන්.

එමෙන්ම මහවැලි අධිකාරියට අයත් නොවන සෙසු වගා බිම්තුළ එකතුව ඇති වැලි හා වැලි මිශ්‍ර පස් ඉවත් කිරීම සිදුකර එම වගා භූමියේම කොටසක ගබඩා කිරීම සඳහා අනුමැතිය ලබා දීමට කාර්යාංශය ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවන් වෙත මේ වන විටත් උපදෙස් ලබා දී තිබෙනවා.

තවද අදාළ කාරණයට යටත්ව ඉදිරියේදී එම ස්ථාන වාණිජ කටයුතු සඳහා යොදා ගන්නේ නම් ඒ සඳහා නිසි අවසරය අදාළ කාර්යාංශය මගින් ලබා ගත යුතු බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com