සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හදිසි නිවාඩු අවලංගු කිරීම ගැන තීරණයක්

0
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හදිසි නිවාඩු අවලංගු කිරීම ගැන තීරණයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හදිසි නිවාඩු අවලංගු කිරීම ගැන තීරණයක්

රට තුළ ඇති වූ දරුණු ආපදා තත්ත්වය හමුවේ නොවැම්බර් 28 දින ප්‍රකාශයට පත් කර තිබූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි හදිසි තත්ත්වය ලිහිල් කරමින්, අවලංගු කර තිබූ සමස්ත කාර්ය මණ්ඩලයේ නිවාඩු සම්පූර්ණයෙන්ම අවසන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අනුමැතිය ඇතිව සිකුරාදා දින (05) නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

නව චක්‍රලේඛයේ 2.1 වගන්තිය යටතේ, හදිසි ආපදා හේතු කොට ගෙන ඇති වන සේවා කාර්යයන් සඳහා අවශ්‍ය සේවක මණ්ඩල නිවාඩු, වෙලාවට අනූව කළමනාකරණය කර ගැනීමට උපදෙස් දී ඇත.

ඒ අනුව පෙර නියෝග ලිහිල් කරමින් කාර්ය මණ්ඩල නිවාඩු කළමනාකරණය කිරීමේ බලය ප්‍රාදේශීය ආයතන ප්‍රධානීන් වෙත එමගින් පවරා දී තිබෙන බව එම ලිපියෙහි සඳහන්.

කෙසේ වෙතත්, රෝහල්, රෝගී සත්කාර සහ සෞඛ්‍ය ආයතනවල සාමාන්‍ය සේවාවන්හි කිසිදු අඩාල වීමක් සිදු නොවී අඛණ්ඩව සේවය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විධිවිධාන සලසා ඇති බව චක්‍රලේඛය සඳහන් කරයි.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල කළමනාකරණය පිළිබඳ මෙම තීරණය, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් වෙත වහාම දැනුම් දී ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com