සංචාරක පැමිණීම ලක්ෂ 21 ඉක්මවයි

0
සංචාරක පැමිණීම ලක්ෂ 21 ඉක්මවයි

සංචාරක පැමිණීම ලක්ෂ 21 ඉක්මවයි

2025 වසර සංචාරක ක්ෂේත්‍රයේ විශේෂ ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවූ වසරක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර පළමු සතිය වන විට මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 21 ඉක්මවාගොස් ඇති බවයි සංචාරක වාර්තා තහවුරු කරන්නේ.

රජය සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකරමින් එහි ප්‍රගතිය වෙනුවෙන් නව ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙම වසර ආරම්භයේ සිටම විදෙස් සංචාරකයින් මෙරටට පැමිණිමේ වර්ධනයක් වාර්තා වුනි.

ජනවාරි මාසයේ දී දෙලක්ෂ පනස් දෙදහස් හත්සිය හැට එකක්, පෙබරවාරි මාසයේදී දෙලක්ෂ හතලිස් දහස් දෙසිය දාහතක්. මාර්තු මාසයේදී දෙලක්ෂ විසිනව දහස් නවසිය අටක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ ඇති අතර අප්‍රේල්, මැයි, ජුනි, අගෝස්තු, සැප්තැම්බර සහ ඔක්තෝම්බර් මාසවලදී ලක්ෂ දෙකකට ආසන්න සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

දෙසැම්බර් මාසය වන විට එම සංඛ්‍යාව ලක්ෂ 21 ඉක්මවා ගොස් ඇති අතර වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාව, ජර්මනිය, රුසියාව, චීනය, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව වැනි රටවලිනි.

මෙම තත්ත්වය හමුවේ සංචාරක ඉලක්ක ජය ගැනීම සංචාරක ක්ෂේත්‍රයට හැකිවනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com