මියගිය සත්තු මාකට් එකට දැම්මා කියන කතාව අමූලික බොරුවක්; බිත්තර මිල ඉහළට
මැරිච්ච සත්තු මාකට් එකට දැම්මා කියන කතාව අමූලික බොරුවක්; බිත්තර මිල ඉහළට
රටේ පැවති ආපදා තත්ත්වයට හසු වි මියගිය කිසිම සතෙක් වෙළෙඳපොළට දමා නොමැති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි පවසනවා.
ඒ සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බව අද(07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවා.
එහිදි ඔහු පැවසුවේ පැවති ආපදා තත්වය නිසාවෙන් බිත්තර දමන කිකිළියන් ලක්ෂ 28කට අධික ප්‍රමාණයක් මිය ගොස් තිබෙන බවත් ඒ හේතුවෙන් බිත්තරයක මිල රුපියල් 45-50 දක්වා ඉහළගොස් තිබෙන බවයි.
“මේ දිනවල පවතින රටේ ගංවතුර උවදුරු නිසා සමස්ත ලංකාවටම දැඩි හානියට පත්වෙලා තියෙනවා. අපේ ජනතාව විතරක් නෙවෙයි සියලුම සත්ත්ව නිෂ්පාදන බිත්තර කිරි, සත්තු ඒ කියන්නේ එළුවාගේ ඉදන්ම විශාල ප්‍රමාණයක් ගසාගෙන ගොස් තිබෙනවා.සියලූම ප්‍රදේශවල නමුත් මේක දැඩි සේ බලපා තිබුණේ දැදුරු ඔය පිටාර ගැලීම මහවැලි ගඟ පිටාර ගැලීම මත තමා විශාල පාඩුවක් වුණේ.ප්‍රධාන වශයෙන්ම දැදුරු ඔය ඔබේගෙනියේ සිට හලාවත දක්වා තිබු සියලුම ෆාම් යටවුණා.ෆාම් එකක් තිබ්බ කොටුවක්වත් හොයන්න නැහැ. බිත්තර දාන කිකිළියෝ විතරක් ලක්ෂ 28,000 කට අධික ප්‍රමාණයක් මැරිලා. අපට දුකයි. ශ්‍රී ලංකාවේ ජනතාවට රුපියල් 26කට 27ට දීමට තිබූ බිත්තර ගෙඩියක් එකපාරටම 45,50 වෙන එක ගැන. නමුත් මට කරන්න වෙන කිසි දේකුත් නැහැ. නත්තල තියෙන කාලය වෙන විට මේක තවත් ඩිමාන්ඩ් වෙයි. කියලා මට ඉතාම කණගාටුදායක ලෙස කියන්න වෙනවා. දැවැන්ත බිත්තර අර්බුදයකට මුහුණපාන්න වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. මැරිච්ච සත්තු මාකට් එකට දාලා කියලා කටකතාවක් යනවා. එහෙම වෙලා නෑ මැරිච්ච සත්තු බලන්නත් ගිහින් තියෙන්නේ දවස් තුනකට පස්සේ. එතකොට ඒ සත්තු මළකුණු වෙලා ඉවරයි. ඒවා පරිභෝජනයට තියා කොටුව ළඟටවත් යන්න විදිහක් තිබුණේ නෑ ආන්දොළනාත්මක ප්‍රකාශ කරනවා. ඒවා අසත්‍යයි. කුණු ගඳගහන මස් කවුරුත් කන්නේ නැහැ. මැරිච්ච සත්තු මාකට් එකට දැම්මා කියන කතාව අමූලික බොරුවක්.”




