පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර දරුණු යුද ගැටුම්
පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර දරුණු යුද ගැටුම්
පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර දරුණු යුද ගැටුම් ආරම්භ වී තිබේ.
පාකිස්ථාන ඇෆ්ගනිස්ථාන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගැටුම් සමතයකට පත් කරමින් පසුගියදා සටන් විරාමයකට එළඹුණා.
කටාර් හා තුර්කි රාජ්‍යයේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය අතර සටන් විරාම සාකච්ඡා සිදු කෙරුණා.
දෙපාර්ශ්වය සටන් විරාමයකට එළඹී මාසයක් ගත වන්නට පෙර එය උල්ලංඝණය කරමින් ප්‍රහාර දියත් කර තිබෙනවා.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ මාධ්‍ය ප්‍රකාශක මුෂාරෆ් සයිඩි ප්‍රකාශ කරන්නේ තලෙයිබාන් සංවිධානය මුලින්ම ප්‍රහාර සිදු කළ බවයි, ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථානය ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ඔහු පවසා සිටියේ.
කෙසේ වුවද දෙරට අතර ස්ථිර සාමයක් ඇති කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග නිශ්ඵල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
