උඩරට සහ ප්‍රධාන මාර්ගවල දුම්රිය ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට විශේෂ බස් සේවයක්; ප්‍රදේශ මාර්ග කිහිපයක බස් ධාවනය තවදුරටත් ඇණ හිටී
උඩරට සහ ප්‍රධාන මාර්ගවල දුම්රිය ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට විශේෂ බස් සේවයක්; ප්‍රදේශ මාර්ග කිහිපයක බස් ධාවනය තවදුරටත් ඇණ හිටී
උඩරට සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රවේශ පත්‍ර හිමි මගීන් වෙනුවෙන් හෙට සිට විශේෂ බස් සේවයක් ක්‍රියාත්මක වේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, මහනුවර සහ කුරුණෑගල සිට ක්‍රියාත්මක එම බස් රථවල, දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන් ගමන් කළ හැකි බවය.
මේ අතර, වලපනේ, නුවරඑළිය, ගම්පොල සහ නාවලපිටිය ප්‍රදේශ ආශ්‍රිත මාර්ග කිහිපයක බස් ධාවනය තවදුරටත් ඇණහිට ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පී එච් ආර් ඩී චන්ද්‍රසිරි සඳහන් කළේ, මාර්ග අවහිරතා ඊට හේතුවී ඇති බවය.
බදුල්ල, මාවනැල්ල, කෑගල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයක බස් රථ 153ක් මෙතෙක් ධාවනය කිරීමට නොහැකි වී ඇතැයි ඔහු සඳහන් කරන ලදි.
ඔහු පැවසුවේ, මේ වන විට දිවයින පුරා බස් රථ 7332ක් ධාවනයට එක් කර ඇති බවය.




