ආපදාවෙන් විනශ වු ගෙවල් ගණන 4,517ක් දක්වා ඉහළට

0
ආපදාවෙන් විනශ වු ගෙවල් ගණන 4,517ක් දක්වා ඉහළට

ආපදාවෙන් විනශ වු ගෙවල් ගණන 4,517ක් දක්වා ඉහළට

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ විනාශය සම්බන්දව එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

මෙම තත්ත්වය හේතුවෙන් තවත් නිවාස 76,066ක් අර්ධ හානි සිදුව ඇති බවත් එම වාර්තාවේ සඳහන්.

සම්පූර්ණ හානි වූ නිවාස අතුරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 1,800කි.

දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 573ක්.

තෙවැනියට වැඩිම නිවාස හානි ගණනක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයේ විනාශ වූ නිවාස ගණන 480ක් බවත් එහි සඳහන් වනවා.

මේ අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස වැඩිම ප්‍රමාණයක්ද වාර්තා වී ඇත්තේද මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 13,044කි.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 11,575ක්ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 7,869ක්ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 7,291ක් මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 5,200ක්ද අර්ධ වශයෙන් හානි වී ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com