දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලසීමාව දීර්ඝ කරයි; දුම්රිය සීසන් පත හිමි මගීන්ට ලංගම බස් ගමනාගමනයටත් අවස්ථාව

0
දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලසීමාව දීර්ඝ කරයි; දුම්රිය සීසන් පත හිමි මගීන්ට ලංගම බස්වල යන්නත් අවස්ථාව

දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලසීමාව දීර්ඝ කරයි; දුම්රිය සීසන් පත හිමි මගීන්ට ලංගම බස්වල යන්නත් අවස්ථාව

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලසීමාව දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මගී ජනතාවට නොවැම්බර් මස අවසන් වන වාර ප්‍රවේශපත්‍ර මගින් දෙසැම්බර් මස 07වන දින දක්වා ගමන් කිරීමේ පහසුකම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

දෙසැම්බර් මාසයට අදාළ සියලුම වාර ප්‍රවේශපත්‍ර දෙසැම්බර් 14වන දින දක්වා නිකුත් කිරීම දීර්ඝ කර තිබේ.

එමෙන්ම පාසල් වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලය පමණක් දෙසැම්බර් මස 19දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය ‍දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එය ඉදිරිපත් කර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ වල ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න පැවසුවේ.

කෙසේ වෙතත් ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගී බස් රථ සඳහා මෙම ක්‍රමවේදය වලංගු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com