ආපදාවට පත් පුද්ගලයන් වෙනුවෙන් අයවැයෙන් සහන රැසක්

0
ආපදාවට පත් පුද්ගලයන් වෙනුවෙන් අයවැයෙන් සහන රැසක්

ආපදාවට පත් පුද්ගලයන් වෙනුවෙන් අයවැයෙන් සහන රැසක්

ආපදාවෙන් බිඳ වැටුණු රට ගොඩනැගීම සදහා ඉදිරි දින 25ට රුපියල් බිලියන 72ක මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පවසා සිටියේය.

අයවැය තෙවන වර කියැවීමේ පිළිතුරු කථාන සිදු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මිලියන දසදහස් පන්සියයක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බවයි.

2026 අයවැය ප්‍රමුඛතාවය ආපදාවට පත් රට ප්‍රතිසංස්කරණයට සහ සහන සැපයිම සඳහා යොමු කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විටත් රුපියල් මිලියන 10,500ක් ඒ ඒ දිස්ත්‍රික්වල දිසාපතිවරුන් වෙත නිදහස් කර ඇති බවයි.

තවත් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බවත් ඒ අනුව ඉදිරි දින 25තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වය සඳහා වියදම් කිරීමට රුපියල් බිලියන 70.02 ඇතැයිද කීය.

– ආපදාවලින් හානියට පත් නිවාස පිරිසිදු කර ගැනීමට රු 25,000.00 දීමනාවක්
– අත්‍යාවශ්‍ය මුළුතැන්ගෙයි භාණ්ඩ මිලදී ගැනීමට (නිවසේ අයිතිය නොසළකා) රු 50,000.00ක්
– අවතැන් කඳවුරුවල සිටින අයට නිවසකට යාම සඳහා මාස 03ක කාලයක් සඳහා රු 25,000.00ක දීමනාවක්
– කුලී නිවාසවලට යාම සඳහා මාස 03 අඛණ්ඩව රු 50,000ක මාසික දීමනාවක්
– ආපදාවලින් මිය ගිය පුද්ගලයෙකු සඳහා රුපියක් ලක්ෂ 10ක වන්දි මුදලක්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com