රෝග වැළඳී ඇති පොල්ගස් ඉවත් කිරීමේදී ලබාදෙන වන්දිය ඉහලට
රෝග වැළඳී; පොල්ගස් ඉවත් කිරීමේදී දෙන වන්දිය ඉහලට
විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල රුපියල් දස දහසක් දක්වා වැඩිකර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
මීට පෙර ඒ සඳහා දෙනු ලැබුවේ රුපියල් තුන් දහසකට ආසන්න මුදලක්.
මේ අතර මාතර දිස්ත්‍රික්කයෙන් – වැලිගම කොලමැලවීමේ රෝගය – වැළඳුන ගස් පන් දහසක් හඳුනාගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේය.
ඉවත් කරන ගස් සඳහා ප්‍රතිරෝධී ශාඛ ලබාදෙන බවද සභාපතිවරයා පවසයි.




