ලොව කුඩාම රාජ්‍යයකට FIFA සුදුසුකම්

0
ලොව කුඩාම රාජ්‍යයකට FIFA සුදුසුකම්

ලොව කුඩාම රාජ්‍යයකට FIFA සුදුසුකම්

2026 පාපන්දු ලෝක කුසලානයට උතුරු, මධ්‍යම අමෙරිකානු සහ කැරිබියානු (CONCACAF) කලාපයෙන් සුදුසුකම් ලබාගැනීමට කුරකාවෝ (Curaçao) රාජ්‍යයට මෙවර හැකිව තිබේ.

කලාපීය තරගාවලියේ තීරණාත්මක තෙවන වටයේ දී ඔවුන් ජැමෙයිකාවට එරෙහි තරගය ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන්කර ගැනීමත් සමග ඔවුන්ට මෙම අවස්ථාව හිමිවිය.

කැරිබියන් දූපත් රාජ්‍යයක් වන කුරකාවෝ වර්ග කිලෝමීටර 444ක තරම් කුඩා භූමි ප්‍රමාණයක විහිදී ඇති අතර, එහි ජනගහනය 156,115ක් තරම් වේ.

ඒ අනුව පාපන්දු ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ ලොව අඩුම ජනගහනයක් ඇති රාජ්‍ය බවට කුරකාවෝ පත්විය.

මීට පෙර එම වාර්තාව අයිස්ලන්තයට හිමිව තිබුණි. 2018 පාපන්දු ලෝක කුසලානයට ඔවුන් සුදුසුකම් ලබාගන්නා විට එරට ජනග්‍රහනය 350,000ක් විය.

මේ අතර කුරකාවෝ හි පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ 78 හැවිරිදි නෙදර්ලන්ත ජාතික Dick Advocaat වන අතර, ඔහු පාපන්දු ලෝක කුසලානයකට සිය කණ්ඩායම රැගෙන ගිය ලොව වයස්ගතම පුහුණුකරු වේ.

මීට පෙර ලොව වයස්ගතම පුහුණුකරු වී ඇත්තේ 2010 පාපන්දු ලෝක කුසලානයේ ග්‍රීසියේ පුහුණුකරු ලෙස කටයුතු කළ Otto Rehhagelය.

ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 71ක්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com