දකුණු ඕස්ට්‍රේලියාවේ ඉහළම ගෞරව සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකිකයා
දකුණු ඕස්ට්‍රේලියාවේ ඉහළම ගෞරව සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකිකයා
බටහිර ඕස්ට්‍රේලියාවේ 2025 Premier’s Science Awards හි People’s Choice Winner සම්මානය දිනාගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා සමත්ව ඇත.
විද්‍යාව වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටම්වලින් ඔහු කරන දායකත්වය නිසා බටහිර ඕස්ට්‍රේලියාවේ ඉහළම විද්‍යා ගෞරවය මෙවර ඔහුට හිමිවී තිබේ.
ඒ සඳහා වන online voting හිදී සමාජිකයන් 7880 දෙනෙකුගේ ඡන්දය ඔහුට හිමිවී තිබීමද විශේෂත්වයකි.
24 වන වසරට පැවැත්වූ Premier’s Science Awards බටහිර ඕස්ට්‍රේලියාවේ සිදුවන කැපී පෙනෙන විද්‍යාත්මක පර්යේෂණ සහ විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය (STEM) සඳහා වන දායකත්වය හඳුනාගෙන ලබාදෙනු ලැබේ.
මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා යනු University of Western Australia හි coastal oceanographer (වෙරළබඩ සාගර විද්‍යාඥයෙක්) වන අතර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස ජාත්‍යන්තරව පිළිගැනේ.
Western Australia හි Oceanography සඳහා ඔහුගේ දායකත්වයන් ඉතා වැදගත් බව සඳහන් වේ.
ocean gliders වැනි නව ශිල්පීය ක්‍රම භාවිතා කරමින් ඔහු සිදුකල ප්‍රධාන සොයාගැනීම් අතර dense shelf water transport, tsunami impacts සහ Leeuwin Current system වැදගත්වේ.
එසේම තිරසාර සංවර්ධනය, පර්යේෂණ යටිතල පහසුකම්, මානව ආරක්ෂාව සහ මහජන සම්බන්ධතා සලකා බලමින් රජයේ සහ කර්මාන්ත හවුල්කරුවන් සමඟ සහයෝගීතාවයෙන් මූලික විද්‍යාව ප්‍රායෝගිකව යෙදවීමට ඔහු කටයුතු කර තිබේ.
ඔහු සම්මානලාභී පර්යේෂකයෙකු වන අතර ඊළඟ පරම්පරාවේ පර්යේෂකයින්ට ශක්තිමත් උපදේශකයෙකි.
1976 වසරේ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ ඔහු, පිහිනුම්, Water polo සහ මලල ක්‍රීඩා අංශවල ජාතික වාර්තා කිහිපයක්ම තැබූ බව සඳහන්ය.
වයස අවුරුදු 15 සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික සහ පාසල් තරඟවල රන් සහ රිදී පදක්කම් රැසක් දිනා ගත් බවද සඳහන් වේ.
මූලාශ්‍ර – Ausලංකා TV





