ඉන්දි­යාව පළ­මු­ව­රට ජෙට් යානා ඉන්ධන අප­න­ය­නය කරයි

0
ඉන්දි­යාව පළ­මු­ව­රට ජෙට් යානා ඉන්ධන අප­න­ය­නය කරයි

ඉන්දි­යාව පළ­මු­ව­රට ජෙට් යානා ඉන්ධන අප­න­ය­නය කරයි

ඉන්දි­යාව පළ­මු­ව­රට ජෙට් යානා ඉන්ධන අප­න­ය­නය අමෙ­රි­කා­වට සිදු­කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අමෙ­රි­කාවේ ලොස් ඇන්ජ­ලීස් නග­රයේ සැප­යුම් හිඟය පිර­වීම සඳහා මේ දුර්ලභ අව­ස්ථාව ඉන්දි­යා­වට හිමි වී ඇත්තේ දකුණු කැලි­ෆෝ­නි­යාවේ බට­හිර වෙරළ තීරයේ පිහිටි චෙව්රොන් සමා­ග­මට අයත් එල් සෙගන්ඩෝ තෙල් පිරි­ප­හ­දුව පසු­ගිය මාසයේ ගින්න­කින් විනාශ වීම හේතු­වෙන් බවද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

හදි­සියේ ඇති වූ ගින්නක් හේතු­වෙන් දින­කට තෙල් බැරල් 2,85,000ක් නිකුත් කරන එල් සෙගන්ඩෝ තෙල් පිරි­ප­හ­දුවේ වැඩ­ක­ට­යුතු බිඳ වැටී­මෙන් පසු ලොස් ඇන්ජ­ලීස් නග­ර­යට ඉන්ධන සැප­යුම් සඳහා විකල්ප භාවිත කිරී­මට එම සමා­ග­මට සිදු වී ඇතැයිද වාර්තා වේ. ඉන්දි­යාවේ වෙළෙඳ මූලාශ්‍ර සහ නැව්ගත කිරීමේ දත්ත­ව­ලට අනුව එරට රිල­යන්ස් ඉන්ඩ­ස්ට්‍රීස් පිරි­ප­හ­දුව පව­ත්වා­ගෙන යන ජාම්න­ගර් හි වරා­යෙන් පසු­ගිය මස අග­භා­ග­යේදි ජෙට් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 60,000ක් නැව්ගත කර ඇතැයිද, ඒ සඳහා කුලි­යට ගත් කාස­ල්ටන් කොමො­ඩි­ටීස් නැව් සමා­ග­මට අයත් නෞකාව ලබන දෙසැ­ම්බ­රයේ මුල් භාග­යේදී ලොස් ඇන්ජ­ලීස් නුව­රට සේන්දු වනු ඇති බවත් වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com