ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආහාරවලට ජාත්‍යන්තර සම්මානයක්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආහාරවලට ජාත්‍යන්තර සම්මානයක්
2026 APEX සම්මාන උළෙලේ දී මධ්‍යම/දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන (Best In Food and Beverage) සඳහා වූ සම්මානය දිනා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය.
එය ගුවන් සේවා ක්ෂේත්රයේ විශිෂ්ටත්වය අගයන ජාත්‍යන්තර මට්ටමේ විශේෂ සම්මානයක් වන අතර, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර හා දේශීය රසයන්ගෙන් පිරි විවිධාංගීක ආහාර මෙනුවේ උසස් ගුණාත්මකභාවය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන ලදි.
එමෙන්ම 2026 APEX සම්මාන උළෙලේදී ශ්‍රීලංකන් ගුවන් සේවය තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් (Four Star Major Airline) ලෙස ශ්‍රේණිගත කළ අතර, එය ගෝලීය ගුවන් සේවා ක්ෂේත්රයේ වඩාත් ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලෙස සැලකේ. ලොව ප්‍රමුඛතම සංචාරක සංවිධාන යෙදවුමක් වන ‘TripIt by Concur’ ඔස්සේ මිලියනයකට අධික මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙම APEX සම්මාන ලබාදීම සහ APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලැබේ.
මෙම සම්මාන උළෙලේදී ගෝලීය වශයෙන් ගුවන් සේවා 600 කට අධික සංඛ්‍යාවක් ඇගයීමට ලක් කරනු ලබන අතර, එක් එක් කලාපයේ හොඳම ගුවන් සේවා මෙන්ම ගුවන් යානයේ ආසන පහසුව, මැදිරි සේවා, ආහාර පාන, විනෝදාස්වාදය සහ Wi-Fi යන උප කාණ්ඩ පහක් යටතේ ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් සලකා බලනු ලැබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිනී මරියා සතාසිවම් මෙම සම්මානය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
“මෙම විශිෂ්ටත්ව සම්මානය දෙවරක් ලැබීම අපගේ ගුවන් මගීන් සමඟ අප ඇති කර ගෙන ඇති ශක්තිමත් බැඳීම පිළිබිඹු කිරීමක්. සෑම ගුවන් ගමනකදීම අපගේ මගීන් වෙත උසස් ගුණාත්මක මෙන්ම සෞඛ්‍ය ප්රතිලාභ වැඩි රසවත් ආහාර පිරිනැමීමට අමතරව ඒ තුලින් අප රටේ ආහාර සංස්කෘතිය පිළිබඳ පණිවිඩයක් ලබා දෙනවා. මෙම ජයග්‍රහණය දී අප වෙත සහයෝගය ලබාදුන් සෑම සංචාරකයෙකුටම අපි බෙහෙවින් කෘතඥ වෙමු.අපගේ මගීන් වෙත උණුසුම් සත්කාරය සහ සුවපහසු සේවාවක් මෙන්ම නිවසේ මෙන් හුරුපුරුදු බවක් ගුවන් යානය තුළදී ලබාදීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණයි.”
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආහාරපාන මෙනුවට අනුව මගීන්ට තම රුචි අරුචිකම් වලට ගැලපෙන පරිදි ආහාරපාන වර්ග තෝරාගැනීමට හැකි වන අතර, ඒවා නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමත් සිදුකෙරේ. ශ්‍රීලංකන් ගුවන් සේවය මෙහෙයුම් සිදුකරන සෑම ගමනාන්තයකටම ආවේණික ආහාරපාන, එහි සූපශාස්ත්‍ර අනන්‍යතාවය රැකගනිමින් නැවුම්ව, විචිත්‍රවත් වර්ණ සහ මිහිරි රසයන් සමඟ උණුසුම් ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරකත්වයත් එක්ව රස විඳීමට අවස්ථාව හිමි වේ.
ශ්‍රීලංකන් ගුවන් යානයක ගමන් කරන මගීන්ට හිමි වන සුවිශේෂීම අත්දැකීමක් වන්නේ විශ්වසනීය දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගත් උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය වලින් සකස් කරන ලද ප්‍රණීත ශ්‍රී ලාංකික ආහාරපාන එකතුවයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු සහ ඖෂධීය ගුණයෙන් අනූන හොඳම දේශීය කුළුබඩු භාවිතා කරමින් පිළියෙල කරනු ලබන සාම්ප්‍රදායික ආහාර වර්ග, සම්බෝල, කිරිබත්, අතුරු පස, කොත්තු මෙන්ම කිරි ටොෆි, පොල් ටොෆි, තල බෝල සහ බිබිකන් වැනි රසවත් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික රසකැවිලි වර්ග මෙන්ම දේශීය බියර් වර්ග ඇතුළු සිය රුචිකත්වය අනුව තෝරාගැනීමට බොහෝ දේවල් ඇතුළත් වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ලොව පුරා රටවල් 61ක ගමනාන්ත 120ක (codeshare හවුල්කරුවන් සමග) සිය මෙහෙයුම් සිදු කරයි. සිය නවීන Airbus A330-300 සහ A320/321neo ගුවන් යානා ඇණිය සමඟ යුරෝපය, ඕස්ට්‍රේලියාව, මැද පෙරදිග, ඉන්දියානු උපමහාද්වීපය, අග්නිදිග ආසියාව සහ ඈත පෙරදිග හරහා ලොව ප්‍රධාන නගර ආවරණය කරයි.




