ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් – 14ක් ජීවිතක්ෂයට

0
ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් – 14ක් ජීවිතක්ෂයට

ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් – 14ක් ජීවිතක්ෂයට

දකුණු ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරකට (18) එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇත. එසේම මෝටර්රථයකට එල්ල වූ ප්‍රහාරයකින් තවත් අයෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල හමුදාව දකුණු ගාසා තීරයේ රෆා සහ ඛාන් යුනිස් හි ඇතැම් ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබේ.

නවතම සටන් විරාමය උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය ප්‍රහාර 393ක් සිදු කර ඇති අතර, එමඟින් පුද්ගලයින් 279 දෙනෙකු මිය ගොස් 652 දෙනෙකු තුවාල ලබා ඇති බව ගාසා රජයේ මාධ්‍ය කාර්යාලය සදහන් කර ඇත.

2023 ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පලස්තීනුවන් 69,483 දෙනෙකු මිය ගොස් 170,706 දෙනෙකු තුවාල ලබා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com