සංචාරක ආදායම ඩො.බි 2.6 පසු කරයි

0
සංචාරක ආදායම ඩො.බි 2.6 පනී

සංචාරක ආදායම ඩො.බි 2.6 පනී

මෙම වසරේ මුල් මාස 10 තුළ සංචාරක ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 2.65ක් වනවා.

මේ අනුව වසරේ සංචාරක ඉලක්ක වෙත සාර්ථක ලෙස ගමන් කරමින් සිටිනවා.

2025 වසරේ මුල් මාස 10දී සමස්ථ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 2659ක් වන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී වාර්තා කර ඇති සංචාරක ඉපැයිම් ප්‍රමාණය ඩොලර් මිලියන 186.1ක් වන බවයි මහ බැංකුව සදහන් කරන්නේ.

කෙසේ වුවද පසුගිය වසරේ මුල් මාස 10 දී සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 2533.7ක ප්‍රමාණය සමග සැසදීමේදී මෙම වසරේ වර්ධනය සියයට 4.9ක් වනවා.

එමෙන්ම මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් 12 වනදා දක්වා සංචාරකයන් දහනව ලක්ෂ හැත්තෑ දෙදහස් නවසිය පනස් හතක් වනවා.

ඒ අතුරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

එය හාරලක්ෂ හතලිස් තුන් දහස් හයසිය විසි දෙකක් ලෙසයි වාර්තා වන්නේ. මේ වසරේ මුල් දින 12 තුළදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව අසූදෙදහස් දෙසිය හැත්තෑවක් වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com