කොළඹ වරාය නගරයට තට්ටු 34ක අලුත් ටවර් එකක්
කොළඹ වරාය නගරයට තට්ටු 34ක අලුත් ටවර් එකක්
කොළඹ වරාය නගරය තුළ මහල් 34කින් යුත් ‘කලම්බෝ ගේට්වේ ටවර් වන්’ නමින් අති නවීන කාර්යාල යටිතල පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතය.
එය මෙහෙයවනු ලබන්නේ සිංගප්පූරුව ප්රමුඛ ආයෝජකයන්ගේ එකමුතුවක් වන කැනරි වෝෆ් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් විසිනි.
2026 මැයි මාසයේදී මෙම ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමට නියමිත අතර, 2029 ජුනි මාසයේදී ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂිතය.
කැනරි වෝෆ් යනු කලම්බෝ ගේට්වේ හි ව්‍යාපෘති ප්‍රවර්ධකයන් වන ප්ලැටිනම් ඇඩ්වයිසර්ස් ලිමිටඩ් හි ආයෝජන උපදේශක සමාගමේ ඉදිකිරීම් අංශයයි.
කැනරි වෝෆ් කොන්සෝර්ටියම් විසින් වර්ග මීටර් 28,000ක මුළු කාර්යාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි කාර්යාල අවකාශයේ මහල් 28ක් ඇතුළුව මහල් 34කින් යුත් කුළුණක් සංවර්ධනය කිරීමට සූදානම් වේ.
එය අති නවීන ස්මාර්ට් කාර්යාල, උසස් තත්ත්වයේ පහසුකම් සහ නවීන සිල්ලර වෙළඳසැල් අවකාශයන්ගෙන් සමන්විත වනු ඇත.
කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සහ දේශීය හා විදේශීය ව්‍යවසායන් ආකර්ෂණය කර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.




