රුසි­යා­වේ ආර­ක්ෂණ තාක්ෂ­ණය සොරා ගැනීමේ උත්සාහයක්

0
රුසි­යා­වේ ආර­ක්ෂණ තාක්ෂ­ණය සොරා ගැනීමේ උත්සාහයක්

රුසි­යා­වේ ආර­ක්ෂණ තාක්ෂ­ණය සොරා ගැනීමේ උත්සාහයක්

පාකි­ස්තා­නයේ අන්තර් සේවා බුද්ධි අංශය මඟින් පව­ත්වා­ගෙන යනු ලබන ඔත්තු ජාල­යක් විසින් රුසි­යා­වේ ගුවන් ආර­ක්ෂණ පද්ධති තාක්ෂ­ණය ලබා ගැනීමේ උත්සා­හ­යක නිරත වූ බවට තොර­තුරු වාර්තා වී ඇතැයි ඉකො­නො­මික් ටයිම්ස් පුවත් සේවය සඳ­හන් කළේය.

පසු­ගි­යදා රුසි­යාවේ සාන්ත පීට­ර්ස්බර්ග් නග­රයේ සිදු කර ඇති බාහිර පාර්ශ්ව වෙත ඔත්තු සැප­යීමේ සැක­ක­රු­වන් සෝදිසි කිරීමේ මෙහෙ­යු­ම­කදි රුසි­යානු ජාති­ක­යකු අත්අ­ඩං­ගු­වට පත්වී­මත් සමඟ එම තොර­තුරු හෙළි වී ඇතැයිද ඉකො­නො­මික් ටයිම්ස් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එම සැක­කරු විසින් හමුදා හෙලි­කො­ප්ටර් නිෂ්පා­ද­නය සඳහා භාවිත කරන තොර­තුරු ඇතු­ළත් ලිපි­ලේ­ඛන සහ ගුවන් ආර­ක්ෂණ පද්ධති සැක­සුම් තොර­තුරු ලබා­ගැ­නීමේ උත්සා­හ­යක නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති අතර, එම තොර­තුරු පාකි­ස්තා­නයේ අන්තර් සේවා බුද්ධි අංශයේ ඔත්තු ජාල­යට ලබා­දීමේ අර­මු­ණින් සිදු කර ඇතැයි අනා­ව­ර­ණය වන බවද ඉකො­නො­මික් ටයිම්ස් පුවත් සේවය සඳ­හන් කළේය.

එම ඔත්තු ජාලය ක්‍රියා­ත්මක කර ඇත්තේ ඉන්දීය හමු­දාව විසින් සිදු කරනු ලැබූ සින්දූර් මෙහෙ­යු­මෙන් පසුව බවද වාර්තා වේ. පාකි­ස්තා­නයේ ක්‍රියා­ත්මක වන ත්‍රස්ත සංවි­ධා­න­යක් විසින් ඉන්දීය කාෂ්මීර් ප්‍රාන්තයේ පැහැ­ල්ගාම් ප්‍රදේ­ශයේ සිදු කළ ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් පසු ඉන්දීය ගුවන් හමු­දාව විසින් ක්‍රියා­ත්මක කරනු ලැබූ සින්දූර් මෙහෙ­යුම සඳහා රුසි­යාවේ නිෂ්පා­දිත මිස­යිල ආර­ක්ෂණ පද්ධ­තිය භාවිත කරනු ලැබූ බව ඉකො­නො­මික් ටයිම්ස් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com