ද්විත්ව ඝාතනයකට පුද්ගලයින් 6කට මරණ දඬුවම
බන්ධනාගාරවල මරණ දණ්ඩනය හිමි වූ 817ක්
පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට වරඳකරුවු සැකකරුවන් 06 දෙනෙකුට අම්පාර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මෙම සැකකරුවන් ඊයේ(10) අම්පාර මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු රුචිර ශ්‍රිනිත් මෙන්ඩිස් විජේසේකර මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත.
2015 වසරේ අප්‍රේල් 14 වන දින පදියතලාව කෙහෙල්උල්ල ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී ලොරි රථයකින් යට කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන්ට එරෙහිව මෙම සැකකරුවන්ට චෝදනා එල්ලවී තිබුණි.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ නඩු විභාගයෙන් අනතුරුව එම චෝදනාවන්ට වරඳකරුවන් වු පුද්ගලයින් 06 දෙනෙකුට අම්පාර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.




