හම්බන්තොට අලි මෙහෙයුමෙන් වන අලින් 34ක් වන අලි කළමණාකරන රක්ෂිතයට
හම්බන්තොට අලි මෙහෙයුමෙන් වන අලින් 34ක් වන අලි කළමණාකරන රක්ෂිතයට
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට, අම්බලන්තොට හා සූරියවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජන ජීවිතවලට මෙන්ම කෘෂිකර්මාන්ත කටයුතුවලට මහත් බාධාවක්ව ප්‍රදේශයේ ගම්මාන රැසක විසිරව සිටින වන අලින් හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය (MER) වෙත රැගෙන යෑම සඳහා පසුගිය 01දා සවස 3ට පමණ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථාන කීපයකින් ආරම්භ කෙරුණු මෙහෙයුමේ හත්වන දිනය වන සෙනසුරාදා (08) රාත්‍රියේද ක්‍රියාත්මක විය.
මේ අකාරයෙන් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියන්ගස්තොට, රිදියගම, අහබඩවිල යන ප්‍රදේශ තුලින් ආරම්භ කෙරුණු වන අලි පලවා හැරීමේ මෙහෙයුම පසුව හබරත්තවල මදුනාගල ප්‍රදේශ දක්වාත් ඉන් අනතුරුව තැලවිල්ල, වල්සපුගල, අන්දරවැව දක්වාත් පසුගිය 6 වනදා රාත්‍රී දක්වා ක්‍රියාත්මක කොට පසුව එම ප්‍රදේශ සිට ඉදිරියට රැගෙන එනු ලැබූ වන අලි 34 දෙනෙකු හම්බන්තොට නාගරවැව අධිවේගී මාර්ගයේ වන අලින්ට හුවමාරු වීම සඳහා තනා ඇති ස්ථානය ආසන්නේ කුඩා වන ලැහැබකට කොටුකර තිබේ.
අනතුරුව පසුගිය 07දා රාත්‍රී එම වන අලි 34 දෙනා සාර්ථකව වන අලි කළමනාකරණ රක්ෂිතය දෙසට ඇතුළු කිරීමට හැකිවූ බව වනජීවී නිලධාරීන් පවසා සිටි.
එමෙන්ම හම්බන්තොට බැරගම, ගල්ලවිල, මයුරපුර, කළුවරගස්වැව ඇතුළු ගම්මාන කීපයක තනිවී සිටින තවත් වන අලින් 6 දෙනෙකු පමණ ඒ ආකාරයෙන්ම වන අලි කළමනාකරණ රක්ෂිතයට(MER) ඇතුළු කිරීම වෙනුවෙන් සිදු කෙරෙන මෙහෙයුම වෙනුවෙන් එම වන අලින් සිටින ස්ථාන නිරීක්ෂණය කිරීම සෙනසුරාදා (08) රාත්‍රී සිට නැවත ක්‍රියාත්මක කළ අතර නැවතත් ඉරිදා (09) සවස සිට වන අලි මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වනජීවී නිලධාරීන් පවසා සිටි.




