රු.මි 08ට අධික වටිනාකමින් යුත් කේරළ කංසා නාවික හමුදා භාරයට
රු.මි 08ට අධික වටිනාකමින් යුත් කේරළ කංසා නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි කලපු ප්‍රදේශයේ 2025 නොවැම්බර් මස 04 දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ තිස් අටක් පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
කල්පිටිය උච්චමුනෙයි කලපු ප්‍රදේශයේ හා වෙරළ ප්‍රදේශයේ 2025 නොවැම්බර් මස 04 දින සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී එම ඩිංගි යාත්‍රා තුළ පාර්සල් දහඅටක අසුරා සඟවා තිබූ කේරළ කංසා කිලෝ තිස් අටක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රා දෙක මෙලෙස නාවික හමුදා භාරයට ගත් බවයි සඳහන් වන්නේ.
එම කංසා තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.




