නැගෙනහිර පර්යන්තයේ විශාල නැව් සඳහා පරීක්ෂණ මෙහෙයුම් අරඹයි
නැගෙනහිර පර්යන්තයේ විශාල නැව් සඳහා පරීක්ෂණ මෙහෙයුම් අරඹයි
වරාය අධිකාරිය සතු කොළඹ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ විශාල ප්‍රමාණයේ නැව් සඳහා වූ පරීක්ෂණ මෙහෙයුම් ඊයේ (04) ආරම්භ කෙරුණි.
එම පර්යන්තයේ මේ වන විට අවසන් කර ඇති ඉදිකිරීම් පහසුකම් යොදා ගනිමින් වරකට යාත්‍රා දෙකක බහාලුම් කටයුතු සිදු කළ හැකියි.
කොළඹ නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතියේ නවීනතම තාක්ෂණ පහසුකම් අන්තර්ගත බැවින් බහාලුම් කටයුතු සිදු කෙරුණේ ස්වයංක්‍රීයවයි.
මෙම විශේෂ අවස්ථාවට අමාත්‍ය අනුර කරුණාතිලක මහතාද සහභාගී වී සිටියා.
පසුගිය රජය සමයේ නැගෙනහිර පර්යන්තය විදේශ සමාගමකට විකිණීමට උත්සාහයක් පැවතුණා. වරාය අධිකාරියේ වෘත්තීය සමිති හා සේවකයන්ගේ ප්‍රබල උත්සාහය මත එය වරාය අධිකාරිය සතු කරගැනීම පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා.
බහාලුම් සඳහා ප්‍රධාන අවශ්‍යතාව වන ජැටිය මීටර 900ක් දක්වා ඉදිකර අවසන්. ඒ හේතුවෙන් මීටර 400ක් හා මීටර 155ක් දිග නෞකා දෙකක බහාලුම් ගොඩබෑම (05) එකවර සිදු කෙරුණා.
මෙම පර්යන්තයේ ඉදිකිරීම් සියයට 80ක් පමණ අවසන් කර ඇති අතර, මීටර 18ක් පමණ ගැඹුරු යාත්‍රා සඳහා මෙම පර්යන්තය යොදාගැනීමට හැකියි.
මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කියා සිටියේ නැගෙනහිර බහාලුම් පර්යන්තය රජය සතු විශාල සම්පතක් බවයි.




