නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් පත් කෙරේ

0
නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් පත් කරයි

නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් පත් කරයි

ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වූ ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය පත්ව තිබෙනවා.

මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දී හෙට දින(06) පෙරවරු 9.00ට සුමනසේන මහත්මිය නව තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය මේ දක්වා කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරියක ලෙස කටයුතු කරනු ලැබුවා.

කම්කරු නිලධාරීනියක් ලෙස කම්කරු දෙපාර්තුමේන්තුවේ සේවයට එක් වුණු ඇය එම දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස්වරියක් ලෙසත්, නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙසත් සේවය කර ඇති අතර එමෙන් ම කුවෙට් තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරියක ලෙසද සේවය කළා.

ඇය රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක්වීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com