නයිජීරියාවේ හමුදා මෙහෙයුමකට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

0
නයිජීරියාවේ හමුදා මෙහෙයුමකට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

නයිජීරියාවේ හමුදා මෙහෙයුමකට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

නයිජීරියාවේ ඉස්ලාම් අන්තවාදීන් අතුගා දැමීම සඳහා හමුදා මෙහෙයුමක් දියත් කිරීමට සූදානමින් සිටින ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

නයිජීරියාව තුළ වෙසෙන ක්‍රිස්ත්‍රියානි ජනතාව ඝාතනය කිරීමට සහ ඔවුන්ට එරෙහිව දිගින් දිගටම ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට එම අන්තවාදි කණ්ඩායම් කටයුතු කරමින් සිටින නමුත්, ඊට එරෙහිව පියවර ගැනීමට නයිජීරියා රජය අපොහොසත් වී ඇති බව ට්‍රම්ප් පවසයි.

අමෙරිකාව එල්ල කරන ප්‍රහාරයන් වේගවත් මෙන්ම බරපතළ වනු ඇති බැවින් ඊට පෙර නයිජීරියානු රජය ඉක්මන් පියවර ගැනීම වඩා හොඳ බව ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසා ඇත.

නයිජීරියාව වෙත ලබා දෙන සියලු අමෙරිකානු ආධාර නවත්වන බවටද ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

එම නියෝගය පිළිගනිමින් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ද ප්‍රතිචාර දක්වා තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com