චීනයේ ෂින්ජියැංග් ප්‍රාන්තය ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් වෙයි
චීනයේ ෂින්ජියැංග් ප්‍රාන්තය ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් වෙයි
මිලියනයකට වැඩි උයිගර් ප්‍රජාවට අයත් මුස්ලිම් ප්‍රජාවගේ නිජබිම ලෙස සැලකෙන උතුරුදිග චීනයේ ෂින්ජියැංග් ස්වයංපාලන කලාපය ජාත්‍යන්තර සංචාරකයන්ගේ ප්‍රමුඛතම ගමනාන්තයක් බවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය වසරේදී පමණක් ෂින්ජියැංග් කලාපයට සංචාරකයන් මිලියන 300කට අධික පිරිසක් පැමිණ ඇතැයිද, එය 2018 වසරේ පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාවට වඩා දෙගුණයක වැඩිවීමක් බවද චීන බලධාරීන් තහවුරු කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ වන විට එම කලාපයේ සිදු වෙමින් පවතින ආයෝජන ව්‍යාපෘති තුළින් ජාත්‍යන්තර මට්ටමේ සංචාරක හෝටල් 200ක් පමණ ඉදිකර ඇති අතර, ලෝක ප්‍රකට හිල්ටන් සහ මැරියට් සන්නාමයෙන් යුතු සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයන්ද එහි ඉදි වී ඇතැයි වාර්තා වේ.
චීන පරිපාලනය විසින් උයිගර් ප්‍රජාව ඉලක්ක කරමින් හිංසා පීඩා සිදුකරන බවට ජාත්‍යන්තරයේ චෝදනා එල්ල වූ මේ විශේෂ කලාපයේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයද ප්‍රකාශ කර තිබූ අතර, ජාත්‍යන්තර මාධ්‍ය සහ නිරීක්ෂණයකට එම කලාපයේ සංචාරය කිරීම චීන රජය විසින් අවහිර කරනු ලැබූ බවටද චෝදනා එල්ල වී තිබිණි. එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් චීන රජය ප්‍රකාශ කර ඇත්තේ එම කලාපය ඉලක්ක කරමින් මෑත කාලයේ ජාත්‍යන්තර සංචාරකයන්ට ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට සිදු කළ විශාල යටිතල පහසුකම් සංවර්ධනය හේතුවෙන් මේ වන විට ෂින්ජියැංග් කලාපයේ සංචාරක කටයුතු කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවය.





