රු.කෝටි 74කට අධික විදෙස් රැකියා වංචා කළ විදෙස් රැකියා ආයතන හිමිකරු රිමාන්ඩ්
රු.කෝටි 74කට අධික විදෙස් රැකියා වංචා කළ විදෙස් රැකියා ආයතන හිමිකරු රිමාන්ඩ්
රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි 74 කට අධික මුදලක් පුද්ගලයින්ගෙන් වංචා කළැයි කියන සිද්ධියකට අදාලව මහරගම පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක අධ්‍යක්ෂවරයකු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ ඉකුත් සිකුරාදා (31) නියෝග කර තිබේ.
රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ බවට මෙම සැකකාර විදේශ රැකියා හිමිකරුට එරෙහිව පැමිණිලි 470ක් පමණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබි තිබේ.
පසුව එම පැමිණිලි සම්බන්ධව ඉදිරි විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාර්යාංශය විසින් එම පැමිණිලි භාරදී තිබුණා.
මෙම ඒජන්සිය හිමිකරු නීතිඥයින් මාර්ගයෙන් ඔක්තෝබර් 30 දින අධිකරණයට භාර වීමෙන් අනතුරුව, පසුදා එනම් ඔක්තෝබර් 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිලල මහෙස්ත්රාතත්වරයා නියෝග කලේය.
එදිනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද අධිකරණයේ දී අදාළ නඩු සම්බන්ධව ඉදිරි කටයුතු කරන ලෙස දන්වා තිබේ.
ඒ අනුව අදාල නඩුව 31 වෙනිදා අධිකරණය ඉදිරියේ කැඳවු අතර එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුව විසින් විදේශ රැකියා ආයතනයක හිමිකරුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 74කට අධික මුදලක් වංචා කළ බවට කරුණු ඉදිරිපත් කළ අතර සියලු කරුණු සලකා බැලිමෙන් අනතුරුව සැකකරු නොවැම්බර් මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහෙස්ත්රායත්වරයා නියෝග කලේය.
එසේම මෙම නඩුවේ තවත් සැකකාරිනියක වන එම ඒජන්සිය හිමිකරුගේ බිරිඳද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම විදේශ රැකියා ආයතනයේ හිමිකරුට එරෙහිව කාර්යාංශයට මෙන්ම අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුවට පැමිණිලි ලැබි තිබේ.




